අපේ යාළු මාළුවෝ - 15


හිස මත කහ පැහැයට හුරු සුදු ලපයක් දක්නට ලැබෙන බැවින් හඳයන් නමින් හඳුන්වයි. සිරුර දෙපස ගුද වරළට ඉහළින් කලු පැහැති ත්‍රිකෝණාකාර පැල්ලම් තුනක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.

සත්ත්ව විද්‍යාත්මකව ඇප්ලෝචීලස් දායි Aplocheilus dayi ලෙස හඳුන්වන මේ මත්ස්‍ය විශේෂය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ සිලෝන් කිල්ලිෆිෂ් Ceylon killifish නමිනි.

සාමාන්‍යෙයන් සෙමෙන් ජලය ගලා බසින නොගැඹුරු දිය පහරවල ජීවත්වන මොවුන් ඉවුරු දෙපස ගස්වලින් වැසී ගිය සෙවණ සහිත එමෙන් ම රොන් මඩ සහිත පත්ලක් ඇති ඇළ මාර්ගවලට වඩාත් ප්‍රියකරයි. කිවුල් ජලය සහිත කඩොලාන සහිත පරිසරයේ ද මොවුන් දක්නට ලැබෙයි.

දියෙහි ජීවත්වන කුඩා කෘමීන්, පණුවන් හා පිලව් ගිල මෙන් ම කුඩා මාළු විශේෂ ද ගිල දමයි. ඉතා අලංකාර මත්ස්‍යයකු බැවින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී විශාල වශයෙන් මෙරටින් අපනයනය කරන ලද මාළුවෙකි.

කළු හා කැලණි ගංඟා නිම්නයන්හි දක්නට ලැබෙන උඩ හඳයා වනාන්තර විනාශය, කෘමි නාශක  භාවිතය, වැලි ගොඩදැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්ව විශේෂයකි.  මොවුන් වරකට බිත්තර 50ත් 150ත් අතර ප්‍රමාණයක් දමයි.

aplocheilus-dayi - Copy

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

අපේ යාළු මාළුවෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277332

අපේ යාළු මාළුවෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277576

අපේ යාළු මාළුවෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277886

අපේ යාළු මාළුවෝ - 11

http://www.lankadeepa.lk/index.php/articles/278262

අපේ යාළු මාළුවෝ - 12

http://www.lankadeepa.lk/index.php/articles/278845

අපේ යාළු මාළුවෝ - 13

http://www.lankadeepa.lk/index.php/articles/279668

අපේ යාළු මාළුවෝ - 14

http://www.lankadeepa.lk/index.php/articles/280139