ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ මසුන් වතුර විදිමෙන් වැඩිපුරම ගොදුරු කැර ගන්නේ දිමියන් වීම හේතුවෙන් මොවුන්ට දිමිත්තා යන නම ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ හා ඉන්දු පැසිපික් කලාපයේ දක්නට ලැබෙන දිමිත්තා ඉංග්‍රීසි බසින් ආචර් ෆිෂ් යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිමිත්තන් සත්ත්ව විද්‍යාත්මකව ටොක්සෝටිස් කැටරියස් යනුවෙන් හැඳින්වේ. මෙම ඝනයට අයත් තවත් මත්ස්‍ය විශේෂ හයක් ලෝකය පුරා දැකිය හැකිය. ඒ අතිරින් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විශේෂය හඳුන්වන්නේ විශාල ප්‍රමාණයේ ආචර් ෆිෂ් යනුවෙනි. එම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 20 ක් පමණ විශාලව වැඩෙන අතර වරකට බිත්තර 20,000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් දමයි.
ගොදුරු අල්ලාගන්නා අපූරු ක්‍රමය හේතුවෙන්ම මසුන් ඇතිකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය දිමිත්තා ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයකු නොවන බැවින් විසිතුරු මසුන් අපනයනය කරන්නන් විසින් ඔවුන් අල්ලා අළෙවි කිරීම සිදු කරයි.
අපේ යාළු මාළුවෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/269354
අපේ යාළු මාළුවෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/269724
අපේ යාළු මාළුවෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/271330
අපේ යාළු මාළුවෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/271559
අපේ යාළු මාළුවෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271675
අපේ යාළු මාළුවෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/276731


