අපේ නීති යල් පිනූ බව අගවිනිසුරු කියයි


මෙරට පවතින යල්පැන ගිය රෝම ලන්දේසි, ඉංග්‍රීසි නීතිය රටට කාලෝචිත නැති බවත්, සමාජයට රටට ඔබින ලෙස නීති වෙනස් කර අලුත් ගමනක් යෑමට සියලු දෙනා සූදානම් විය යුතු බවත් අග විනිසුරු මොහාන් පීරිස් මහතා හොරණ මහේස්ත්‍රාත්වරුන් හා නීතීඥවරුන් අමතමින් පැවැසීය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනාත මහතාගේ හා හොරණ නීතීඥ සංගමයේ ආරාධනාවකට අනුව අගවිනිසුරුවරයා මෙහි පැමිණ සිටියේය.

‘යල් පැන ගිය රෝම ලන්දේසි ඉංග්‍රීසි නීතිය කාලෝචිත නොවේ. අපි ඒවා වෙනස් කරගෙන රටට සමාජයට ඔබින ලෙස අළුත් ගමනක් යෑමට සූදානම් විය යුතුයි. අපි මේ සඳහා සුළු වෙනස්කම් කළ යුතුයි.