(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ පැවති ජී7 සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාමාජික රටවල නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.
ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සම සභාපතිත්වයෙන් නව පොදු රාමුවක් යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ජී7 සාමාජික රටවල නායකයන් අගය කර ඇත.
මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද විසඳීම සඳහා දියත් කරනු ලබන අනාගත බහුපාර්ශ්වීය උත්සාහයන් වෙනුවෙන් භාවිත කළ හැකි සාර්ථක මොඩියුලයක් ලෙස නව පොදු රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබේවි යැයි බලාපොරොත්තුවන බව ජී7 සාමාජික රටවල නායකයන් පෙන්වා දී තිබේ.
මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද සඳහා පිළිතුරු සෙවිය යුත්තේ බහුපාර්ශ්වීය සම්බන්ධීකරණයක් යටතේ බව ජී7 සාමාජික රටවල නායකයන් සඳහන් කර ඇත.
(034)

