විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔවුන් පිළගැනීමට එහි රතු පළස එළා තිබිණි.
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඔවුන් පිළිගත් අතර සර්ව ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන්තොට අසළ රැස්ව සිටිති.

