අපේ අයට ඔලිම්පික් ජය ගන්න වැඩක් අරඹයි


(අංජුල මහික වීරරත්න)

"ඔලිම්පික් මෙහෙයුම" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඉදිරියේදී ඔලිම්පික් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබා දීම සඳහා ' ඔලිම්පික් මෙහෙයුම - Mission Olympics 2028-Journey to the Rings' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තරුණ  සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

 එම වැඩ සහන මඟින් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමට හා ඔලිම්පික් ක්‍රීඩාවලදී පදක්කම් ලබා ගැනීමට හැකියාව සහ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් දීර්ඝකාලීනව විධිමත් දේශීය හා විදේශීය විශේෂඥ පුහුණුවකට යොමු කිරීමට නියමිතය.

 ඒ අනුව, එවැනි ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2028 ලොස් ඇන්න්ජලිස් ඔලිම්පික් තරඟාවලිය දක්වා ගිවිසුම්ගත වී, පුහුණුවීම් සඳහා අවශ්‍ය මූල්‍ය හා වෙනත් අනුග්‍රහයන් සලසා දීමට හැකි වන පරිදි ' ඔලිම්පික් මෙහෙයුම' වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තරුණු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතත කරන ලදී.