අපෙන් පක්ෂයක් නෑ නව පක්ෂය ජනතාවගෙන්


ලබන අටවැනිදා පැවැත්වෙන රැස්වීම ජනතාවගේ පොදු වේදිකාවක් වන බවත් තමා  අලුත් පක්ෂයක් පිහිටවන්නේ නැතත් ජනතාව අලුත් පක්ෂයක් පිහිටුවනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) යටිනුවරදී පැවසීය.

දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ තිස්තුන්වන ගුණ සැමරුමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ අතර රජයට රටේ පවතින තත්වය කියන්නට යෑම බිහිරි අලින්ට වීණා වැයිමක් වැනියයිද වැඩිදුරටත් පැවසීය.3 10