අපෙක්ෂා රෝහලේ බෙහෙත් මඟඩියකට සූදානමක්?


(විශේෂ වාර්තාකරුවකු විසිනි)

මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 42 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි ඉකුත් වසරේ දී රුපියල් 3000ක පමණ මිලකට මිලදී දී ගත් ඖෂධයක් රුපියල් 30,000 ක් වැනි ඉහළ මිලකට ද රුපියල් හත්දහසකට මිලදී ගත් ඖෂධයක් රුපියල්39,000 ක් වැනි ඉහළ මිලකට ද හදිසි මිලදීගැනීම් යටතේ මිලදී ගැනීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධ වර්ග 42 සමාගම් තුනකින් මිලදී ගැනීමට අමාත්‍යාංශ ටෙන්ඩර් කමිටුවෙන් ද අනුමැතිය ලැබී ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 50 ක පමණ මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදී ඇතැයිද දැනගන්නට තිබේ.

මෙම මිලදී ගැනීම සඳහා ටෙන්ඩර මණ්ඩලයෙන් අනුමැතිය දී ඇති නමුත් සෞඛ්‍යය ලේකම්වරයා එය නැවත සමාලෝචනය කළ යුතු යැයි ප්‍රකාශ කර ඇති බව පැවසේ.