අපූරු විදුහල්පති ගැන පිරික්සයි


කුරුණෑගල නගරාධිපතිගේ දරුවාට තරවටු කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිගෙන් සමාව ගන්නැයි ගුරුවරියක නගරාධිපතිගේ නිවසට යැවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව විදුහල්පතිට විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා කියයි.

ජාතික පාසල් අංශයේ විමර්ශන කණ්ඩායමක් අද කුරුණෑගලට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව ද දිසානායක මහතා පවසයි.

දේශපාලනඥයකු ළඟට ගුරුවරියක යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණි.