ඉන්දියාවේ සිට මෙරටට පැමිණි තෙළිඟු ජනයාට නිසි පහසුකම් නොලැබීම හේතුවෙන් එම ජන කොට්ඨාශය මෙරටින් තුරන්වී යනු ඇතැයි ගල්ගමුව, අන්දරබැද්ද තෙළිඟු ගම්මානයේ කණ්ඩායම් නායක ආරච්චිල සිංගසාමීගේ මසන්තා කියයි.
විවිධ පෙදෙස්වලට ගොස් නයි නටවා ජීවත්වන තෙළිඟු ජනයා විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහිත ජන කොට්ඨාශයකි.
තමන් 1997 ගල්ගමුව අන්දරබැද්දට පැමිණි බවත් 2000 වසරේදී ඔප්පු ලැබූණු බවත් මසන්තා පවසයි. හොඳ වතුර බීමට නැති බවද, එක් නල ළිඳක් පමණක් ඇතැයිද අලින්ගෙන් කරදර සිදුවන බවද ඔහු කියයි.
වැදගත් ඉතිහාසයක් ඇති තෙළිගු ජනතාව රැක ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් නායක ආරච්චිල සඳහන් කරයි.









