අපුර වැසිකිළි කැමරාව වර්ජනයකුත් හදයි


අනුරාධපුර රෝහලේ හෙදි වැසිකිළියක කැමරාවක් සවි කළැයි කියන දොස්තරට එරෙහිව පියවර නොගත්තැයි විරෝධය පළ කරමින් එහි කළමනාකරණ සහකාර සේවකයෝ අද වර්ජනයක් ඇරැඹූහ.

අද සවස සෙසු වෘත්තීය සමිති ද සමග සාකච්ඡා කර ඉදිරි පියවර සාකච්ඡා කර රෝහල් බලධාරීන්ට දන්වන බවද ඔවුහු කියති.

දොස්තරට එරෙහි පැමිණිල්ල ගැන දොස්තර ක්‍රියා නොකරතියි වර්ජකයෝ චෝදනා කරති.

දොස්තර සෞඛ්‍ය අමාත්‍යංශයට මුදා හරින ලෙස අමාත්‍යංශය දන්වා ඇත. එහෙත් වර්ජනය නිසා එම ලිපිය පවා සකසා ගැනීමට නොහැකි වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ දොස්තර විජයදාස අතපත්තු මහතා කියයි.