අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ අද අලුයම හටගත් ගින්න මැඩ පැවැත්වීමට අනුරාධපුර මහ නගර සභා ගිනි නිවන ඒකකය සමත් විය.
මහල් 6 කින් සමන්විත ගොඩනැගිල්ලේ පහළ මහලේ මෙම ගින්න ඇති විය. එක් වාට්ටුවක රෝගීහු 60 ත් 80 ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබති. ඒ අනුව එහි සිටි රෝගීන් සියලු දෙනාම වෙනත් වාට්ටුවලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ගින්නට හේතුව සොයාගෙන නැත.
ඡායාරූප- අතුල බණ්ඩාර
ඡායාරූප- උපුල් හේරත්










