අපුර යුගයේ සඳකඩ පහන රුපියල් කෝටි දහයකට වෙන්දේසි වෙයි


අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන ග්‍රැනයිට් සඳකඩ පහනක් අඟහරුවාදා (23) එංගලන්තයේදී බ්‍රිතාන්‍ය පවුම් 553,250.00කට (රුපියල් 107,883,750) වෙන්දේසි විය.

වෙන්දේසියට පෙර මේ සඳකඩ පහන තබා තිබුණේ නැගෙනහිර ලන්ඩනයේ ඩෙවොන් ප්‍රාන්තයේ   බ්‍රොන්වෙන් හික්මොට්ගේ නිවසේ දොටුව ළඟය.

වතු පාලකයකු වූ ඔහුගේ පියා 1915ත් 1934ත් අතර කාලයේ ලංකාවේ සිය සේවය නිමා කර    නැවත එංගලන්තය බලා යද්දී මෙය රැගෙන ගොස් ඇතැයි එංගලන්ත මාධ්‍යය වාර්තා කරයි.

මෙය වසර 1300ක් පමණ පැරණි අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහනක් බව ද එම මාධ්‍ය වාර්තා කරයි.