අපුර මහ අනතුරක්


ජල බවුසරයක් අනුරාධපුර  නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ හැපීමෙන් අද (16 ) සවස එහි සිටි දහම්පාසල් සිසුවියක (17) හා කාන්තාවක (49) මිය ගොස්  තවත් පස් දෙනකු රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි.

කෞෂල්‍යා ප්‍රභාංජලී බණ්ඩාර(17)  හා කේ ජී ප්‍රේමකාන්ති(46)  මෙසේ මිය ගොස් ඇත.

තුවාල ලැබු සිසුවියන් වන  කේ එම් දිනුෂා සෙව්වන්දි (17),දිලිනි මධුෂිකා හේරත්(18),ඩීඑම් තනුජා නිල්මිණි දිසානායක (17),ඩී එම් ගංගානි සකුන්තලා(17),යු ඩී සංජුලා පියුමිකා (17) යෂින්තා ප්‍රබෝධනී (17),සමිජා නිල්මිණි දිසානායක (17) අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.

බස් නැවතුම ද ගැලවී ඇති අතර බවුසරය තැපැල් කාර්යාලයයේ තාප්පයද කඩාගෙන ගොස් නතර වී ඇත.අනතුරත් සමඟ ගිලන් රථ,දොඹකර සමඟ සහන සේවකයෝ එහි ආහ.

දහම් පාසල් තරගයක් අවසානයේ නිවෙස් බලා යන්නට ආ දහම්පාසල් සිසුන් පිරිසක්  එහි සිටි බවත් දැනගන්නට ඇත.

 

 

 

 DSCF4064

DSCF4066 DSCF4067 DSCF4068 DSCF4069

ඡායාරූප රෝහණ චන්ද්‍රදාස

accdent-4 accident-2 accident-3

ඡායාරූප - මංජුල සේනානායක