අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ දස දිනක් බලෙන් රැදී සිටි ශිෂ්‍ය භික්ෂුහු පාලනාධිකාරීය සමඟ ඇති වු එකඟතාව මත අද නේවාසිකාගාරයෙන් ඉවත් වුහ.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා මැදිහත්කරු වශයන් ක්‍රියා කළේය.
ලබන 3 වැනිදා සරසවිය විවෘත කිරීමටත් අප්‍රේල් 3 වැනිදා වන විට ශිෂ්‍ය භික්ෂුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීමටත් විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් භික්ෂුන් දස නමකට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමටත් තුඹුල්ලේ සීලක්ඛන්ධ මහෝපාද්‍යාය නා හිමියෝ එකඟ වුහ.

