අපුර බස් පොළේ කප්පම්කරුවෝ නිදැල්ලේ


අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ සිසු කසුන් නලින්ද ප්‍රේමචන්ද්‍රට (18) පසු ගිය සඳුදා අනුරාධපුර බස් නැවතුම්පොළේදී එල්ල වු මැර ප්‍රහාරයේ පොලිස් පරීක්ෂණ ගැන සතුටුවිය නොහැකි බව නගර වැසියෝ කියති.

දින තුනක් යන තුරු ඔහුගෙන් කට උත්තරයක් ලියාගෙන නැත.

අද සවස 1.30 ට කට උත්තරයක්  ලියා ගෙන ඇත්තේද කිහිපවරක් පොලීසියට පැමිණිළි කිරීමෙන් පසුව බව දැනගන්නට ඇත.

පාසල් සිසුන්ගෙන් කප්පම් කන මෙම කල්ලියට පාසල් සිසුන් පිරිසක්ද  අයියලා යනුවෙන් ඔවුන් හඳුන්වන පිරිසක්ද ඇතැයි දැන ගන්නට තිබෙයි.

මෙම සිසුවාට පහර දුන් පිරිස ඔහුගේ රන් මාලය ද කඩාගෙන ගොස් ඇතැයි කියති

එම තරුණ කප්පම් කල්ලිය යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලින් පැමිණ සිසුන් පාළු තැන්වලට රැගෙන ගොස් කප්පම් ඉල්ලන බවත් නොදෙන අයට පහර දෙන බවත් කියති.