අපුර නීතීඥයා කුඩු සමග අල්ලයි


හෙරොයින් මත් කුඩු පැකට් තුනක් සමග අනුරාධපුරයේ නීතීඥයකු බව කියන 35 හැවිරිදි විවාහකයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සාලියපුර පරසංගස්වැව නිවසක දී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් තිලකරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව එම නිවසට ගිය පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

වෘත්තීය නීතීඥවරයකු මීට පෙර මෙවැනි සිද්ධියකට අත්අඩංගුවට ගෙන නැතැයි  දැනගන්නට ඇත.