අපුර නාගරික කොමසාරිස්ට වරෙන්තු


අනුරාධපුර මහ නගර සභා කොමසාරිස් සම්පත් ධර්මදාස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද වරෙන්තු නිකුත් කළේය.

අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ අනවසර කඩ ඉවත් කිරීමට නගර සභාව ගත් තීරණයකට එරෙහිව පවරා ඇති නඩුවක වගඋත්තරකරු වන ඔහු අධිකරණය මගහැර සිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කැරිණි.