අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ (එස් එෆ් ලොකු) අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියන වීඩියෝ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිත් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝග කළේය.
සමාජ ශාලාවේ සීසීටීවී කැමරාවල පටිගත වී ඇති දර්ශන සම්බන්ධයෙන් ද වාර්තාවක් ඉදිරිපත් කර ලෙස නියෝග කැරිණි.
ඝාතනය සම්බන්ධයෙන් 38 දෙනෙක් රිමාන්ඩ් බාරයේ පසු වෙති. ඒ අතර හිටපු නාවික හමුදා සෙබළු දෙදෙනෙක් ද, නාවික හමුදා කිමිදුම්කරුවෙක් ද සිටිති.

