අපුර ගොවියෝ වීදි බසිති


වී කිලෝවේ මිල නීතිගත කරන ලෙසත් ගංවතුරින් පාළුවූ කුඹුරු අක්කරයකට රුපියල් 20,000 ක වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමස්ත ලංකා ගොවි සම්මේලනය අනුරාධපුරය මාර්කට් පෙදෙසින් උද්ඝෝෂණයක් අරඹා කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්වෙන ඩී.එස් වටරවුමේ කච්චේරිය දෙසට ගමන් කරමින් සිටී.

තෙතමනය 14% ට අඩු වී මිලට ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මධ්‍යස්ථාන 27 ක් විවෘත කර ඇතත් පෞද්ගලික මුදලාලි කුඹුරටම ගොස් ප්‍රමිතියෙන් තොරව කිලෝව රුපියල් 30-31 ගණනේ ගනී. මණ්ඩලය සම්බා කිලෝව රුපියල් 50කටද නාඩු කිලෝව රුපියල් 45 ගණනේද මිලට ගන්නා බව කියයි. අනුරාධපුරයේ අස්වනු නෙළා ගැනීමේ වාරය තවම එළැඹී නැත.

SAM_0837 SAM_0839 SAM_0840