අපුර ගුවන් කඳවුරයි මිරිදියයි උසාවි ගෙන්වයි


අනුරාධපුර  ගුවන්හමුදා කඳවුරට හා මිරිදිය හෝටලයට  අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර  අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය නියෝග කළාය.

අනුරධපුර නගරයට පානීය ජලය සපයන නුවර වැවට වසර දහයකට අධික කාලයක් ගුවන් හමුදා කඳවුරත් හෝටලයත්  අප ද්‍රව්‍ය මුදාහරින බව සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. අනුරාධපුර මහනගර සභා  නියෝග ඔවුන් පිළිපැද නැතැයි ද ඔහු කිවේය.

සැප්තැම්බර 26 වැනිදා මිරිදිය හෝටලයේ කළමණාකරු ද ඔක්තෝබර 8 වැනිදා ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධරයා ද අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව මහේත්‍රාත්වරිය කීවාය.