ජ්‍යෙෂ්ඨත්වය මත නොච්චියාගම රෝහලේ ගිලන් රියදුරු පත්වීම නොකළැයි ද, එයින් තමාට අසාධාරණයක් වීයැයි ද කියමින් වහළට නැග විරෝධතාවයක යෙදුණු කේ ජී විජේරත්න මහතාට සහාය දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ගිලන් රථ රියදුරෝ අද සවස 4.00 සිට වර්ජනයක් ඇරැඹූහ.
සිකුරාදා (16) විසඳුමක් නොලදහොත් පොළොන්නරු දිස්ත්‍රික්කයද වර්ජනයට කැඳවන බව උතුරුමැද සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් කේ පී ධර්මපාල මහතා කියයි.