අපුර ආයුර්වේද කොමසාරිස් රෝහලෙන් රාජකාරියට


ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මාස පහකට ආසන්න කාලයක් රෝහලේ ගත කළ උතුරුමැද ආයුර්වේද කොමසාරිස්  උදයසිරි චන්ද්‍රකුමාර අල්විස් මහතා අද රෝහලින් ගෙදර ගියේය.

සිංගප්පුරුවේ හා කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර වලින් අනතුරුව ඇසේ  පෙනුමද ලැබු ඔහු පවසනුයේ ලබන සතියේ සිට රාජකාරියට යන බවයි.

 ඔහුට ඇසිඩ් ගැසුවැයි සැකපිට ආයුර්වේද වෛද්‍යවරයෙක්, සෙබළෙක් හා මාළු වෙළෙන්දකු  ඇප මත මුදා හරිනු ලැබ සිටිති.