අපිරිසිදු ජලය විකුණු ව්‍යාපාරිකයා අත්අඩංගුවට


(උපාලි ආනන්ද)

අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසිරිමේ ගබඩාවක් බලහත්කාරයෙන් කඩා විවෘත කර එම ගබඩාව තුළ තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අලෙවි කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට  ව්‍යාපාරිකයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන  ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා එප්පාවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  අධිකාරි මහතාට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශණ මෙහෙයවා එම විමර්ශණ වල ප‍්‍රගතිය දැක්වෙන  වාර්තාවක් මේ මස 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටද මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.