අපි නිදහස භුක්ති විඳින විදිහ ගැන සිතා බැලිය යුතුයි


වෙන කවර කලකටත් වඩා ආණ්ඩුව පිළිබඳ විවේචන කරන පෙළපාළි යන උද්ඝෝෂණ කරන පාරේ කෑ ගහන අයට අද හිමිවී ඇති මහා නිදහස භාවිතා කරන පිරිස එම නිදහස කොතරම් දුරට ශීලාචාරව විනයගරුකව භාවිත කරනවාදැයි සිතා බැලිය යුතුව ඇතැයි ජාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අරලිය ගහ මන්දිරයේ අද දහවල් පැවති උත්සවයකදීය. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා පත් කර ඇති රාජ්‍ය තොරතුරු නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා මෙම උත්සවය පැවැත්විණි.

‘මීට පෙර රට ආණ්ඩු  කළ විදියට රට පාලනය කිරීම සඳහා නොවෙයි ජනතාව මේ අලුත් ආණ්ඩුව පත් කර ගත්තේ.

ඒ පත්කර ගත් ආණ්ඩුවෙන් ඒ වෙනස ඇති කර ගන්නේ කෙසේද ඒ වෙනස ඇති කර ගැනීමේදී අපේ වගකීම් හා යුතුකම් ඉටු කළ යුත්තේ කෙසේද යන්න අපි හිතා බැලිය යුතුයි.‘ යැයිද ජනාධිපතිවරයා පැවසීය.