(අංජුල මහික වීරරත්න)
දෙපැත්තක දේශපාලනය කළත් අප අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.
ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර මහයියාවේ නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
"මම ඒ කාලේ ඉඳන්ම ලොහාන් රත්වත්තේ මැතිතුමා ගැන දන්නවා.අපි දෙපැත්තෙ ඉඳන් දේශපාලනය කළා.නමුත් අප අතර පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ.එමෙන්ම මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ කටයුතු හොඳින් කළා.එතුමාට හොඳ දේශපාලන අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මේක තමයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.