නගරාන්තර ශීඝ්‍රගාමී හා තැපැල් දුම්රිය ගාස්තු සියයට 40කින් පමණ අප්‍රේල් පළමුවැනිදා සිට වැඩි කර තිබේ.
මේ යටතේ සාමාන්‍ය ආසන, නිදන ආසන, වෙන් කළ ආසන, නැරඹුම් මැදිරි හා වා සැකසූ ආසන වැඩි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කලාප හතරක් යටතේ ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කෙරේ.
තුන්වැනි පංතියේ සාමාන්‍ය ආසන ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා ද,රුපියල් 220 සිට 280 දක්වා ද, රුපියල් 270 සිට 320 දක්වා ද වැඩිවී ඇත.
දෙවැනි පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 220 සිට 280 දක්වාද, රුපියල් 380 සිට 450 දක්වාද, රුපියල් 450 සිට 500 දක්වාද වැඩිවී ඇති අතර පළමු පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 750 දක්වා වැඩි වී ඇත.
නැරැඹුම් මැදිරි ගාස්තුව රුපියල් 880 හා 1000 දක්වා ද වා සැකසුම් කළ මැදිරි හා නිදන මැදිරි ගාස්තුව රුපියල් 1250 දක්වා ද වැඩි වී තිබේ.