අප්‍රිකාවේ විශාලතම පන්සල ඇත්තේ දකුණු අප්‍රිකාවේය


මෙම පන්සල ආරම්භ වුනේ  1992 වර්ෂයේදීය.  එහි සියලුම කටයුතු සදහා අවශ්‍ය මුදල් සම්පාදනය සහ ඉදිකිරිම සිදු කලේ හුයි ලී නම් වූ චීන ජාතික මහායාන හිමිනමකි. උන්වන්සේ ප්‍රථමයෙන්ම කාමර 72 ක් උඩ තට්ටුවේ ඇති යට තට්ටුවේ අනෙකුත් විහාර දාන ශාලා කාර්යාල ඇති පැරණි රජ මාලිගාවක රවුම් ආකෘතියක ගොඩනැගිල්ලක් ඉදිකළහ. මෙහි කොළ පාටින් ඇත්තේ එම ගොඩනැගිල්ලයි.


ඉන් අනතුරුව අප්‍රිකාවේ තරුණ ළමයින් සදහා බුදු දහම ඉගැන්වීමට බෞද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිවිය.  එහි කටයුතු සිදු කරගෙන යන අතරතුර ආගන්තුකයන්ට නැවතීම සදහා නිවෙස් 75 ක් පමණ ඇති ගම්මානයක් ඉදි විය. ඉන් පසුව වෙනම භූමියක නේවාසිකව භාවනා කිරීමට සුදුසු භාවනා මධ්‍යස්ථානයක් ද ඉදිවිය.


මෙම කටයුතු වලින් නොනැවතී විශාල පිරිසකට වන්දනා කළ හැකි ඇති විශාල විහාර මන්දිරයක් ඉදි කෙරිණි.  මෙහි ඇති කහ පැහැති විශාල ගොඩනැගිල්ල එයයි.

මෙම සියලුම ඉදි කිරීම් කටයුතු සදහා ඇමෙරිකන් මුදල් ඩොලර් කෝටියක් රුපියල් කෝටි 127ක්  පමණ වැය කර ඇත. මෙම මුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලැබුනේ  චීන ජාතිකයන්ගෙනි.

ඉදිකිරීම් කටයුතු අවසන් කල උන් වහන්සේ පසුව එම රටෙහි තවත් පළාත් කිපයකද පන්සල් ආරම්භ කළහ  මෙම පන්සල් සියල්ලට දේශීය සහ විදේශීය විශාල පිරිසක් බෞද්ධ දර්ශනය සොයා එති.

එම කටයුතු නිමවා ඉන් පසුව උන් වහන්සේ අවධානය යොමු කළේ  අප්‍රිකාවේ වාසය කරන ලක්ෂ  ගණනාවක් වන අනාථ ළමුන් සදහා අනාථ නිවාසයන් ඉදි කොට එම ළමයින්  සමාජයට වැදගත් වන පිරිසක් බවට පත් කිරීමයි.  එම අදහසට අනුව මේ වනවිට මලාවි සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවල  එම කටයුත්තද ක්‍රියාත්මක වේ.

මෙම සියල්ලම ජිවිත පරිත්‍යාගයෙන් සිදු කරන හුයි ලී හාමුදුරුවන් වහන්සේ සමග ටැන්සානියාවේ වාසය කරන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ  කුළුපග මිතුරෙකි.