මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව අද (19) සිට 31 දක්වා රථ වාහන පොලිසිය මෙහෙයුමක් මගින් ඉදිරිපස රියදුරු අසුන අසල පැති වීදුරුව හා ඉදිරිපස වම් පැති වීදුරුව අඳුරු කර ඇති සහ එම වීදුරුවලට තිර රෙදි යොදා ඇති වාහනවල රියදුරන්ට ඒවා ගලවන ලෙස අවවාද කරන බව රථවාහන පොලිසියේ නිලධරයකු සඳහන් කළේය.
එවැනි ආවරණ ගැලවීමට අකමැති රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රියදුරු අසුන දෙපස වීදුරු කුමන ආකාරයකින් වත් අඳුරු පැහැ ගැන්විය නොහැකි බවත් ඉදිරිපස වීදුරුවෙන් 1/5ක කොටසක් හා අනෙක් වීදුරු සඳහා එවැනි තහනමක් නැති බවත් පොලිසිය සඳහන් කරයි. එසේම රියදුරු අසුන දෙපස වීදුරුවලට තිර රෙදි යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බවද පොලිසිය පවසයි.

