අඳ විදුහල් සිසුවා කේරි විදුහලට


ලංකාදීප එසැණ පුවත් තීරයේ පළවූ රත්මලාන අන්ධ විදුහලේ හර්ෂ නිලුපුල් සිසුවාගේ කථාව දැක ඔහුට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරීමට ප්‍රසිද්ධියට අකමැති අබුඩාබියේ ශ්‍රී ලාංකිකයකු වන ඉන්දික නමැති මහත්මයකු කටයුතු කළේය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ කේරි විද්‍යාලයට ඇතුළත්වීමටද හර්ෂ නිලුපුල් සිසුවාට අවස්ථාව ලැබී ඇත.

තමා වෙනුවෙන්  උදව් උපකාර කළ ලංකාදීප එසැණ ඇතුළු සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවත් උදව් කළ සියලු දෙනා කවදාවත් අමතක නොකරන බවද ඔහු පැවසීය.

තමාට බ්‍රේල් ටයිප් රයිටරයක් ලැබුණොත් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගෙන යාමට හැකිවන බවද හර්ෂ නිලුපුල් සිසුවා කියයි.

හර්ෂ නිලුපුල් සිසුවා සම්බන්ධයෙන් පළවූ පෙර පුවත මෙතැනින්

http://www.lankadeepa.lk/index.php/articles/306371