දෑස් නොපෙනෙන පියාටත් එක් ඇසක් අන්ද වු මවටත් ලංකාදීප ‘එසැණ‘ පුවතින් පසු නිවාස ණය ගෙවා ගැනිමටත් ස්වයං රැකියාවක් ලෙස ගඩොල් කර්මාන්තයේ නියැලිමට අවශ්‍ය උපකරණ ලබා දීමට ඉතාලියේ සේවය කරනා ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත්වි සිටියි. ඔහු එම භාණ්ඩ අද (28) පිරීනැමිය.
ගලේවෙල කොස්ගහහින්න ගමේ ජීවත් වු එල්.කේ.ජයතිස්ස මහතා ජීවත් වීමට නොහැකිව දරුවන් දෙදෙනා ජීවත් කරවීමට කසිප්පු පෙරන බවට ලංකාදීප ‘එසැණ‘ පුවත් සහ ලංකාදීප ලංකාදිප පුවත්පත මගින් හෙළිදරව් කිරීමත් සමගින් ඉතාලියේ පෙරේරා මහතාගේ අවධානය යොමුවි මෙම උපකාරය කරන ලදි.
සමන් පෙරේරා මහතා ගලේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වු සමල් විජේරත්න මහතාට මුදල් එවා නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ණය ගෙවිමත් ජයතිස්ස මහතාට ගඩොල් කැපිමට අවශ්‍ය වතුර මොටර්,බට,විල්බැරෝ, උදලු ,බැරල් පරිත්‍යාග කරනු ලැබිය.මෙම භාණ්ඩ කොස්ගහහින්න ජය සුමනාරාම විහාරවාසී හරස්ගල පියරතන හිමියන් ඉදිරියේ ලබා දෙන ලදි.
ජයතිස්ස මහතා කියා සිටියේ ලංකාදිප පුවතෙන් පසු තමන්ට බොහෝ දෙනකු උදව් කළ බවයි.ගලේවෙල පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා හමුවී මින් ඉදිරියට තමන් කසිප්පු පෙරීම අත අතහැර දැමු බව දැනුම් දුන් බවද තමන්ට මෙන්ම දරු පවුලට ලංකාදීපය නිසා ජීවත්වීමට අවශ්‍ය වටපිටාව ගොඩනැගුණු බවද ඔහු පැවැසීය.