අනේ දරුවත් මාත් බේරගන්න


‘‘අපි පස්වලින් හිරවෙලා. අපි බේරගන්න‘ යැයි බදුලු රෝහලේ හෙදියක දුරකතනයෙන් එම රෝහලේම සේවය කරන මිතුරියකට අද (26) උදෑසන කතා කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

බදුල්ල රිල්පොල අක්කර 53 අද (26) උදෑසන නාය යද්දී මේ ඇමතුම දී ඇත.

එම ජංගම දුරකතනය ඉන් පසුවත් දෙපැයක් පමණ නාදවුවත් පසුව අක්‍රියවී ඇත. එම හෙදියගේ නිවස මුළුමනින්ම වැළලී තිබේ.

තව දුරටත් එම ප්‍රදේශය නාය යමින් පවතින බැවින් ඇයද ඇගේ මාස එක හමාරක් වයසැති බිළිඳාද සොයා ගැනීම අපහසු වී ඇත.