අනූ ලක්ෂයක වල්ලා පට්ටා රාජ සන්තකයි


රුපියල් අනු ලක්ෂ හැට දහසක් වටිනා වල්ලපට්ට‍ා කැබැලි කිලෝග්‍රෑම් 9.6 ක් ගමන් මළුවල සඟවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු අත් අඩංගුවට ගත්  රේගුව ඔහුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කොට එම වල්ලපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.

මේ පිලිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නිමල් ලියනගේ මහතා විසින් අද සිදු කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මෙම පුද්ගලයා  ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට අද අළුයම කටුනායකට පැමිණ ඇති බවයි.

ඔහු  කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු කීවේය.