අනුෂ්කාට ඇති ඉල්ලුම


2016-10-25-ent-02

මේ දිනවල චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් සඳහා එක්ව සිටින සුරූපී අනුෂ්කා ෂර්මාට බොලිවුඩයේ වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්. එදා මෙදාතුර තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයාගත් පළමු බොලිවුඩ් චිත්‍රපටය අතරින් දෙකක අනුෂ්කා රඟපෑ නිසා මෙසේ ඇයට බොලිවුඩයේ ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙන බව සඳහන් වේ.

ෂාරුක් ඛාන් සමග මේ දිනවල ඇය 'ද රින්ග්' චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටින අතර, මෙම චිත්‍රපටයෙන් පසුව තවත් සුපිරි චිත්‍රපට කිහිපයක රඟපෑමට අනුෂ්කාට අවස්ථාව ලැබී තිබෙන බවද දැනගන්නට ලැබී තිබෙනවා. එහෙත්, අනුෂ්කා සැලසුම් කර ඇත්තේ 'ද රින්ග්' චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වූ වහාම ඇයගේ දෙවැනි සිනමා නිෂ්පාදනයට යොමුවීමටයි. අනුෂ්කා මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි හා අවසන් චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 28 වැනිදා ප්‍රදර්ශනයවීමට නියමිතව ඇත.