පසුගිය වසර කිහිපයේදී බොලිවුඩයේ සුපිරි නිළියන් අතරට එක්වූ අනුෂ්කා ෂර්මාට මේ වනවිට අලුත් පුරුද්දක් ඇතිව තිබේ. ඒ ඇය බාරගත් චිත්‍රපට හදිසියේම ප්‍රතික්ෂේප කිරීමය. මීට පෙර මේ අලුත්ම පුරුද්ද ඇතිව තිබුණේ සුරූපී කත්‍රිනා කයිෆ්ටය. සිනමා විචාරකයන් පවසන්නේ මෙය මෑතක සිට සුපිරි තරු පන්තියට ඇතුළත් වූ නවක නිළියන්ගේ අලුත්ම පුරුද්දක් වී ඇති බවය. අනුෂ්කා රංගනයෙන් දායක වන චිත්‍රපට 2ක් මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර, ඒ සල්මාන් සමග රංගනයෙන් දායක වන "සුල්තාන්" චිත්‍රපටය හා අයිශ්වර්යා හා රන්බීර් කපූර් සමග රංගනයෙන් දායක වන "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයයි. කෙසේ වෙතත් මේ වසරේ සහ පසුගිය වසරේ තිරගත වුණ හා තිරගත වීමට නියමිතව ඇති %කා ඇන්ඩ් කී" (කරීනා සහ අර්ජූන්), "බාර් බාර් දේකෝ" (කත්‍රිනා සහ සිද්ධාර්ත්), "තමාෂා" (රන්බීර් හා දීපිකා), "2 ස්ටේටස්" (අර්ජූන් හා ආලියා) චිත්‍රපට සඳහා මුලින්ම තෝරාගෙන තිබුණේද අනුෂ්කා බව සඳහන් වෙයි. මේ අතර දකුණු ඉන්දීය සුපිරි නළුවන් වන අල්ලු අර්ජූන් සහ මහේෂ් බාබු රංගනයෙන් එක්වන චිත්‍රපට කිහිපයක්ද අනුෂ්කා ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.


