අනුරාධාට Surprise එකක්


20160317Anurada1සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලිනාට්‍යයේ 'නයෝමි' ලෙසින් ඔබ දුටු අනුරාධා එදිරිසිංහ මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදියි. මෝස්තර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එක්වූ අනුරාධා වර්තමානය වනවිට කලා ක්ෂේත්‍රයේ තුළ කාර්යබහුලව සිටින නව පරපුරේ යොවුන් නිළියකි. පසුගිය සති අන්තයේදී ඇයට අපූරු පුදුම කිරීමකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ පිළිබඳව අනුරාධා 'සාරවිට'ට දැක්වූ සංවාදයයි.

"මගේ උපන්දිනය යෙදිලා තිබුණෙ මීට සතියකට කලින්. නමුත්, මගේ තාත්තාගේ අසනීප තත්ත්වයත් එකක මෙවර මගේ උපන්දිනය සමරන්නට මම කලින් ඉඳින් නොපවත්වන්න තීරණය කරලා තිබුණා. ක්ෂේත්‍රයේ කට්ටිය වගේම මගේ යහළු, යෙහෙළියනුත් ඒ බව දැනගෙන හිටියා. ඒත්, උපන්දිනය යෙදිලා තිබුණ දිනයේදී මගේ අක්කා කෙනෙක් කිව්වා වැඩකට ඉක්මනින් එන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මම හිටියේ රූපගත කිරීම් කටයුත්තක. මම කිව්වා වැඩේ ඉවර කරලා එන්නම් කියලා. කොහොම හරි රූපගත කිරීම් ඉවර වෙන කොට හවස් වුණා. කළින් කතා කරපු මගේ හිතවත් අක්කා කතා කරලා කිව්වා වැඩේ ඉවර නම් එයා කිව්ව තැනට එන්න කියලා. වැඩේ ඉවර කරලා මම ඒ අක්කා කියපු තැනට ගියා. හිතාගන්නත් බැහැ. මගේ ළඟම යහළු, යෙහෙළියෝ ටික මං වෙනුවෙන් මගේ උපන්දිනය ලැහැස්ති කරලා. මම දන්නා නොදන්න බොහෝ දෙනෙක් ඒ පුංචි උත්සවයට ඇවිල්ලා තිබුණා. ඇත්තටම, මට හිතාගන්න බැරිවුණා. මම හිතන්නේ මගේ ජීවිතේට මා උපරිම සතුටක් ලැබුව උපන්දිනය ඒක කියලා. මාව සතුටු කරන්න ඒ උපන්දිනය සංවිධානය කළ හැම දෙනාටම මම ගොඩක්..... ස්තුතියි" 

20160317Anurada2 20160317Anurada3