අනුරාධපුරේදී කඩෙන් කෑවොත් නැති ලෙඩ


අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ආපන ශාලාවලින්  ආහාර ගන්නා ජනතාව  දිනකට අහිතකර  රස කාරක කිලෝ  15 ක් පමණ  කෑමට ගන්නා බව  අනුරාධපුර නාගරික සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී  නලින් ප්‍රේමදාස මහතා පවසයි.

වෙළදසල්වලින් මෙන්ම  නිවෙස්වලද  ප්‍රධාන වශයෙන් ආහාර පිසීමේදී දැනට භාවිත කරන කෘත්‍රිම රසකාරක වර්ග ඇමෙරිකාව ඇතුළු දියුණු රට ප්‍රතික්ෂේප කැර ඇත්තේ ඒවා තත්ත්වයෙන් බාල නිසා යැයි වෛද්‍යවරයා කියයි.

මෙම කෘත්‍රිම රස කාරක භාවිතයෙන්  ඇට දියවීම වැනි භයානක ආබාධ හා  ස්නායු  රෝග හටගත හැකි බව වෛද්‍ය මතයයි.

දැනට වෙළඳසල්වල බහුලව ඇති ප්‍රයිඩ්රයිස් ,කොත්තු, හා ලුණු මිරිස් (චිලි පේස්ට්) සඳහා ප්‍රධාන වශයෙන්  රසකාරක එක් කෙරේ.

 ආහාර සැකසීමේදි  රසායනික ද්‍රව්‍ය යෙදීම සම්බන්ධයෙන්  නිතිමය තත්ත්වය  පැහැදිලි  කරමින්  නලින් ප්‍රේමදාස මහතා කියයි.

සේදීම,මැදිම සඳහා  භවිතාකරන  රසායනික ද්‍රව්‍ය තබන  තැන්වලින් හැලිමෙන් හෝ සතුන් මගින්  ආහාර ද්‍රව්‍යවලට මිශ්‍රවිය  හැකිය.  රසකාරකයන්හි රසායනික අඩංගුයි. දැනට ජනප්‍රියම රසකාරකය මොනෝසොඩියම් ග්ලුටනමේට්  ජනප්‍රිය වෙළෙද නාමයකින් ගමේ කඩවල පවා අලෙවියට තබා ඇත.ඒගැනත් පරිස්සම් වෙන්න.

එහිදී අදහස් දැක්වු අනුරාධපුර පුරපති එච් පී සෝමදාස මහතා කියා සිටියේ නගරයට දිනකට පැමිණෙන 50000 ක‍් අධික ජනතාවට ,සුවඳ කාරකය හා කල් තබා ගැනීමේ  රසායනවලින් තොරව  ආහාර ලබා දීමට පියවර ගන්නා ලෙසයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනටම වකුගඩු  ආබාධ බහුලව පවති.