අනුරාධපුරයේදී ගුරු උද්ඝෝෂණයක්


 

(දයාරත්න ඇඹෝගම)


උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල සනීපාරක්ෂාව තහවුරු කිරිම ඇතුළු ඉල්ලිම් තුනක් මුල්කර ගනිමින් උත්තර පත්‍ර ඇගයිමේ නිරත ගුරුවරුන් පිරිසක් අද (30)දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරතවුණි.


මෙම විරෝධතාවයට අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විදුහලේ හා මැදි විදුහලේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයිමේ නිරතව සිටින ගුරුවරුන් පිරිසක් එක්ව සිටියහ.


ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.


උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථාන සියල්ලම මේවන විට අනාරක්ෂිත තත්වයකට පත්වි තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි විභාග කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා.


ගුරැවරැන් විශාල කැපවිමකින් තමයි අදවන විට මේ උත්තර පත්‍ර බැලිමේ කටයුත්තේ නිරතව සිටින්නේ.ඔවුන්ගේ ආරක්ෂාව තහවුරැ කරන්න කියලා අපි ඉල්ලා සිටියා.අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ ගුරැවරැන්ට ගෙවන්න කියලා රැපියල් මිලියන 39 ක් වෙන්කර ගත්තා.ප්‍රවාහන ගාස්තු ගෙවනවා කියුවා.නමුත් ඒවා පොරොන්දුවක් විතරයි.


මේ අනතුරුදායක තත්වය යටතේ රාජකාරි කරන්න බැහැ.මේ උසස් පෙළ සිසුන්ට නිශ්චිත දිනයකදි ප්‍රතිඵල ලබාදෙන්න නම් මේ ඇගයිම් ලබාදෙන්න නම් මෙම මාධ්‍යස්ථානවල සනීපාරක්ෂාව තහවුරු කිරිමටත් පොරොන්දුවු දිමනා සති දෙකක් තුල ලබාදිය යුතුයි.
එහෙම නොවුන හොත් උත්තර පත්‍ර ඇගියිම් කිරිමේ රාජකාරියෙන් ගුරුවරුන් ඉවත් කරගැනිමට කටයුතු කරන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.