(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධාරින් ඇතුළු සියළු කාර්ය මණ්ඩලය අද (12)දින අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරතවුහ.
විවිධ පොස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරැ හෙද නිලධාරින් අනෙකුත් කාර්ය මණ්ඩලයත් රජරට වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසු සිසුවියන්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.