අනුරපුර මැදි විදුහලෙන් වාර්තාවක්


අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුහු 381 දෙනාම උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති.

විදුහල්පති එච් එම් අබේකෝන් මහතා හා ආචාර්ය මණ්ඩලය මේ ජයග්‍රහණයේ නියමුවන් බව මව්පියෝ කියති.

සිසුන් 15 දෙනකු හැර සෙසු සියලු සිසුනට ගණිතය හෝ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමේ වරම් ලැබී ඇත.

සිසුහු 233 දෙනෙක් ගණිතයෙන් ඒ සාමාර්ථ ලැබූහ. සිසුහු 51 දෙනෙක් විෂයන් නවයට ද, සිසුහු 65 දෙනෙක් විෂයන් අටකට ද, සිසුහු 61 දෙනෙක් විෂයන් හතකට ද ඒ සාමාර්ථ ලදහ.