අනුරපුර මැදි විදුහලට ජය පිට ජය


2012 අ.පො.ස. උසස්පෙළ විභාගයට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් පෙනී සිටි සිසුන්ගෙන්  721 දෙනකු සරසවි පිවිසුම සදහා සුසුසුකම් ලබා ඇතැයි විදුහල්පති එච්.එම්. අබේකෝන් මහතා කියයි.

විභාගය සදහා නව විෂය නිර්දේශයට  අනුව පෙනී සිට් මුළු සිසුන් ගණන 1103 කි.ජීව විද්‍යා අංශයෙන් සිසුහු  404 දෙනකු විභාගයට පිළිතුරු ලියුහ. ඉන් 217  දෙනකු විශ්ව විද්‍යාල පිවිසුමට සුදුසුකම් ලබා සිටිති. එහි සමත් ප්‍රතිශතය සියයට 53.71 වේ.