එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුරයේ සංවිධායක ලෙස ජ්‍යේෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා එජාප සිරිකොත මූලස්ථානයේ දී පත්විම අද ලබා ගත්තේය. නිතිය පිළිබඳ පොත් කිහිපයක් ලියා ඇති හේරත් මහතා අනුරාධපුර සමිති සංවිධාන රැසක නිලතල හොබවයි. 1980 දී නීතීඥ වෘත්තියට පිවිසි ඔහු අපරාධ, සිවිල්, පරිපාලන පවුල් හා කම්කරු නීති පිළිබඳ විශාරද දැනුමක් ඇත්තෙකි.

