(රෝෂන් තුෂාර)
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ හා පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබා දී රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ මුල්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද(29) නියෝග කළේය.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සනත් පෙරේරා නැමැති සැකකරු මෙසේ ඇප මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝගග කළේය.