අනුර සේනානායක මාර්තු 16 දක්වා රිමාන්ඩ්


(ෂෙහාන් චාමික සිල්වා)

ර්ගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ  ඝාතනය සම්බන්ධයෙන් සැකපිට  රිමාන්ඩ් බාරයේ සිටින නියෝජ්‍ය  පොලිස්පති  අනුර සේනානායක මාර්තු  16 වැනි දා  දක්වා  රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා  අද (2) නියෝග කළේය.

ඇප මත නිදහස් වී  සිටින නාරහේන්පිට අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා අප්‍රේල් 27 වැනි දා  අධිකරණයේ පෙනී  සිටිමට ද නියමිතය.

අනුර සේනානායක මහතා ජනාධිපති  ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධ වු තවත්  දුරකථන අංකයක් සොයා ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ  නිතිඥ ඩිලාන් රත්නායක මහතා  අධිකරණයට  ප්‍රකාශ කළේය.

වසීම් තාජුඩීන්  ඝාතනයට  ලක් වු  2012 මැයි 16 සහ 17 වැනි දිනයන් හි  ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පරික්ෂා කිරිමට මහේස්ත්‍රාත්වරයා  අවසර  දුන්නේය.