රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා තරයේ විරුද්ධ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට අද (08) දැනුම් දුන්නේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කොට සිටින ඇප ඇයැදුම් පත‍්‍රය කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස විරෝධතා දැක්වු රජයේ ජ්‍යෙෂඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා සිය රාජකාරියේ නිරතව සිටියදී මෙම අපරාධයේ සාක්කි වසන් කිරීමට උත්සහ කළ මෙම විත්තිකරුට ඇප නියම කරනු ලැබුව හොත් සාක්කිකරුවන්ට බලපෑම් විය හැකි බව සඳහන් කළේය.
නඩුව සැප්තැම්බර් 8 වැනි දා සළකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා තීරණය කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ඇප ඇයැදුම් පත‍්‍රයේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයාට හා නීතීපතවරයා නම් කොට ඇත.

