තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වන නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා හා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.