බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශ්‍රාම ගැනීමේ ලියවිලි පොලිස්පති එන්.කේ.ඉලංකෝගන් මහතාට බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෑතදී ඔහු පොලිස් මූලස්ථානයට මාරුකර තිබුණි.
ගායකයකුද වන අනුර සේනානායක මහතා ඔහුගේ ‘මාගේ කිරිල්ලී‘ නමැති ගීත ප්‍රසංගයෙන් උපයාගත් බව කියන රුපියල් කෝටියක් පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කළේය.
බියගම විලේජ් හෝටලයේ අයිතිකරු ඝාතනයේ සාක්කි වසන් කිරීමට ඔහු උත්සාහ කළ බවට පළවූ වාර්තාවල සත්‍යතාවයක් නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු කිසිම ඝාතනයක් වසන් කිරීමට උත්සාහ කර නැතැයිද මාධ්‍ය ප්‍රකාශක කීවේය.

