රගර් ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතන නඩුවට සැකපිට බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා පෙබරවාරි 2 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (19) නියෝග කළේය.
මේ අතර තාජුඩීන්ගේ මරණය සිදුවූ දින රාත්‍රියේ ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලුහුබැඳ ගිය බව කියන වාහනය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී පටය කොළඹ විශ්ව විද්‍යාලයට යවා වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමටද විනිසුරු අවසර දුන්නේය.

