අනුබද්ධ ආයතන විකුණන්න ධීවර ඇමති අමරවීර එරෙහි වෙයි


ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධිත ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කරන්නැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරියකුගෙන් බලපෑම් එල්ල වී ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්  ලංකාදීපයට පැවැසීය. මෙහිදි ප්‍රමුඛත්වය දී ඇත්තේ ධීවර සංස්ථාවට බවත් ඊට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා  දැඩි සේ විරුද්ධ වී ඇති බවත් ධීවර අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවැසීය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධිත කිසිදු ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවත් එය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි පවසා ඇත. පාඩු ලබන ආයතන පවතින්නේ නම් ඒවා ගෙඩිය පිටින් පෞද්ගලික අංශයට නොදෙන බවත් එම ආයතන ලාබ ලබන තැනට ගෙන ඒම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ හැර වෙනත් ඉහළ පෙළේ නිලධාරියකු සමඟ සාකච්ඡාවලට යන්නේ නම් ඊට පෙර තමා දැනුම්වත් කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට උපදෙස් දී ඇත