ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 20 වැනි අනුනායක ධූරයට පත් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී අද (29) පැවැත්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියෝ අක්තපත්‍රය ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විජිනිපත ද රාහුල අනු නාහිමියන්ට පිරිනැමූහ.
මහා සංඝරත්නය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ.





